වැල්ලපල්ලියේ කිතුනු පුරාණය

වැල්ලපල්ලිය හෙවත් පල්ලියවත්තේ කිතුනු විශ්වාසය අනාදිමත් කාලයකට නෑකම් කියති. පෘතුග්‍රීසි ආගමනයටත් පෙර සිටම මෝදර සහ කොළඹ විසු කිතුනුවන් නිසා (වෙළදාම සදහා පැමිණි බටහිර ජාතින් හේතුකොට ) මෙහි කතෝලිකයෝ සිටි බවට සාධක හමු වී ඇත. කොළඹ නගරයට උතුරින් වුද කැළණි නදිය සාගරය වෙත ගලා බසින ස්ථානය මුවදොර වදනින් ජන ව්‍යාහාරයට එක් වුයේ මෝදර විලසටය, මෝදර ප්‍රදේශයේ කිතුනු විශ්වාසය ද පෘතුග්‍රීසි යුගයේ ඇති වුවක් නොවේ. ලංකාවේ කොළඹ වනාහි සුප්‍රකට වෙළද මධ්‍යස්ථානයකි, තොටුපලකි. පෘතුග්‍රීසි යුගයට පෙර ලක්දිව සෙසු ප්‍රදේශවලට මෙන් පර්සියානු, රෝම, අරාබි ආදි පෙරදිග ආගමනයටත් සමග වෙලද සබදතා මෙන්ම ආගමික සබදතා වර්ධනය වු බව කිව හැකිය. එනමුදු කිතුනු විස්වාසයට සවිමත් අත්තිවාරමක් ලැබුනේ පෘතුග්‍රීසි ආගමනයෙන් පසුවය. මෝදර ධිවර වරාය සමග දුරාතිතයේ සිටම සබදතා පැවැත්වු නිසා වැල්ලපල්ලිය ප්‍රදේශයේ කිතුනු විශ්වාසය ද මෝදර දේවස්ථානය සමග ඒකාබද්ධ වු බව සදහන් වන අතර අගරදගුරු පදවි ලේඛනාගාරයේ සදහන් වාර්තාවන්ට අනුව රාගම කලාපයේ ඉපැරණි කිතුනු සංඝය වැල්ලපල්ලිය කිතුනු සංඝය ලෙස නම් කර තිබිම සුවිශේෂි වේ.

 

වැල්ලපල්ලිය නාමය

වැල්ලපල්ලිය යන නාමය පුරාතනයේ බොහෝ දෙනෙකු අප ග්රාසමය හැදින්විමට භාවිතා කළ නාමයකි. තවමත් අප මිසම හැදින්වෙන්නේ මේ නාමය භාවිතා කිරිම සුවිශේෂි වන අතර අද ගම් වැසි බොහෝ දෙනෙකු මේ නාමය භාවිතා නොකළත් අප ග්රාවමයේ පවතින උප තැපැල් කාර්යාලය වැල්ලපල්ලිය යන නාමයෙන් හදුන්වා තිබිමද එකී පුරාතන නාමය කරා අප තවමත් ගෙන යනවා නිසැකය. මේ නාමය පටබැදිමට හේතුකාරකය වී ඇත්තේ එකල සීමිත පිරිසක් විසු ගම් පියසක වැට කඩොලු නොතිබු එකම ඉඩමක් මෙන් වැල්ලෙ පිහිටි දේවස්ථානය තිබු නිසා වැල්ලපල්ලිය ලෙස ව්යබවහාර වන්නට වු බවය.

පල්ලියවත්ත නාමය

පල්ලියවත්ත යන නාමය වර්තමානයේ බොහෝ දෙනෙකු අප ග්‍රාමය හැදින්විමට භාවිතා කරන්නා වු නාමයකි. බොහෝ දෙනෙකු අප ප්‍රදේශය හැදින්විමට යොදාගන්නේ මේ නාමය වේ. මේ නාමය පටබැදිමට හේතුකාරකයන් දෙකක් සම්බන්ධ වී ඇත. එහැ පළමු කතා පුවත නම් එකල සිමිත පිරිසක් විසු ගම් පියසක වැට කඩොලු නොතිබු නිසා පල්ලියවත්ත ලෙස හැදින්වු බවය. එනම් පල්ලියේ පිහිටි වත්තක් සේ දිස්වු නිසා පල්ලියවත්ත ලෙස හැදින් වු බවයි. දෙවන කතා පුවත නම් කැළණි ගග ඔස්සේ ගලා ගිය සුවීශාල ලී කොටයක් නිසාවෙනි. එය බොහෝ කලක් ජලයේ පල්වි තිබු නිසා එම ලීය පැවති වත්ත පල්-ළීය- වත්ත ලෙස ජනව්යායයට පත් වු වගයි.